1 කොටස
නොන්වත්වා මහා වරුසාවක් ඇද හැලෙමින් මුලු දවසම විඩාබර බවක් ගෙන දෙන්නට සමත් වු අතරම
ගිගුම් දෙන වරුසව මැද්දෙන් සිය කාර් රථය සිය මාමාගේ නිවස බලා යමින් සිටි දුශෙන් එක
වරම තිරින්ගය පෑගුවෙ ක්ෂණිකනි.තම බිරිද හා දරුවා සමග මාමාගෙ මළගෙදරට සහභාගි විම
සදහා පානදුර පිහිටි තම නිවසින් පිට වුයේ රැකියාවේන් ඉවත් වී නිවසට පැමිණ පැය තුනකට
පසුවය. ඔහු නිවසට ළගා වෙත්ම ඔහුගෙ බිරිද තම කුඩා දියණිය සුරතේ නිදිකරවමින් වරක්
දෙවරක් ඔරලොසු මුහණ දෙස බැලුවේ තම සැමියගෙ ප්‍රමාදය ගැන සිහිපත් කිරිමක් ලෙසය.
දුශෙන් , අද ඔය ගොඩක් පරක්කුයි.අදවත් බැරිවුනද ? කලින් ගෙදර එන්න .මේ දවස් වල ඔෆිස් එකේ වැඩ ගොඩ
ගැහිලා..අනික දන්නවනේ මගේ කම්පැණියක නෙමේ මම වැඩ කරන්නේ කියල.. දුශෙන් එසේ කියමින්
සිය බෑගය පුටුව මත තබා ටයි ගැටය බුරුල් කරමින් කාමරය වෙත පිවිසුණි. ඒ සමගම ශලනි සිය
දරුවා ඇදමත තැබීම සදහා දුශෙන් පසුපස ගමන් කරන්නට විය.{ස්වල්ප මොහොතකට පසුව}ශලනි
කාමරයෙන් පිට වුයේ ගමන සදහා සකස් කර තිබු බඩු ආදිය රුගෙනය.ශලනි !....කෝ මගේ ඇදුම්
ටික.ඔය තියෙන්නෙ පුටුව උඩ දලා..ඇය එසේ කියමින් ගමන් මළු සාලයේ ඇති සෝපාව මත තබා
රාත්‍රි ආහාර පිළියෙල කිරීමට මුළුතැන්ගෙට ගිය අතරම දුශේන් ඇදුම් ඇද කෑම මේසය මත
වාඩි විය. ශලනි ඉක්මන් කරන්න උදේ වෙන්න කලින් අපි යන්නත් ඕනිනේ.... මේ වැස්ස නිසා
වාහනේ හයියේන් එලවන්න බෑහැ කියලා දන්නවනේ...එක තමයි මනුස්සයෝ කිවේ අදවත් වාරුවෙන්
එන්න කියලා.එසේ නොක්කාඩු ස්වරූපයේන් මේසය මත ඉදිආප්ප පිඟාන හා කුකුල් මස් ව්‍යාංජනය ද ගෙන අවේය.මේසය මත ඇති ඉදි ආප්ප හා කුකුල් මස් ව්‍යංජන තම පිඟානට බෙදා ගත් දුශේන්
ශලනි වෙත නෙත් යොමු කරන්නට විය.ශලනි!!!! ඔයා කැවද ? නැහැ තාම. එන්න එහෙනම් දෙන්නම
එකට කමු.දෙදෙනාම මේසය මත වාඩි වී ආහාර ගන්නට විය ඔවුනට ආහාර ගැනිම සඳහා ගත වුයේ
විනාඩි 20 ක් පමණි. මේ වන විටත් වැහින මහා වරුසා නොනවත්වාම ඇඳ හැලෙමින් තිබුණි.ශලනි
එක වරම කතාව ඇරඹන්නට සමත් විය.දුශේන් අදනම් මහා මුස්පේනතු දවසක් ! මගේ හිතට මොකක්දෝ
අමුතු ගතින් දැනේනවා ...ළමයෝ පෙන්නේ නැද්ද හොඳටම වහිනවනේ එක නිසා තමයි ඔහෝම
හිතේන්නේ.. පිස්සු නැතුව ඉක්මනට ලෑස්ති වෙන්න දැනටමත් පරක්කුයි.එසේ කියමින් දුශේන්
ඔරලෝසුව දෙස බැලීය.ඔරලෝසු මුහුනතේ වේලාව සඳහන්ව තිබුනේ 10 පසුවී විනාඩි 20 ලෙසිනි. ශලනි තම
දියණිය රැගෙන නැවත විසිත්ත කාමරය වෙත පිවිසුනු අතර දුශේන් දොර ජනේල වසා ඇද්ද යන්න
නැවත නැවත පරීක්ෂා කරමින් සිටියේය.නිවසින් බැහැර වෙත්ම අමුතුු ශබ්දයක් කාමරය දෙසින්
නැගුණිි. සියල්ලෝම එකවර තිහැස්සිණි.දඩස්° දඩස් °කලබලයට පත් ඔවුන් දෙදෙනාම වටපිට
බලන්නට විය. ශබ්දය ඇසෙනවත් සමගම දුශෙන් ශලනි වෙත දිව ආවේ බිරිදට හා දරුවාට කරදරයක්
ඇද්දැයි බැලිමටය.ශලනි මොකක්ද එ සද්දෙ....අනේ මන්දා දුශෙන් අපෙ කාමරය පැත්තේන්
ආවේ. ඉන්න එහෙමනම් මම ගිහිිිින් බලන්නම්.එසේ
කියමින් දුශේන් කාමරයට පිවිසෙත්ම ඇස් අදහා ගත නොහැකි දෙයක් දුටුවේය. ඔහු විසින්ම
දෙවතාවක් පරීක්ෂා කළ ජනේලයේ පියන විවර වී වේගයේන් චලනය වන අයුරු දැක ගත හැකි
විය.ඇස් අදහා ගත නොහැකි වුවත් ජනේල් පියන නැවත වසා දැමීම කළ යුතුව වුවත් දුශේන්
හදවත එක හෙල්ලේ තදින් පහර දෙන්නට සමත් වුයේ ජනේලයදෙසට ගමන් කිරිමත් සමගමය . ජනේලය අසලට පැමිණෙනවාත්
සමඟම තඳ ගණ අඳුරක් දුශේන්ගේ නෙත්ට සම්‍ප්‍රාත්ත වීවත් සමඟම දුශේන් තිගැස්සී ගියේ
විදුලිය විසන්ධි විමත් සමඟමය. විදුලි පහන දෙපැත්තට පැද්දෙන අතර නිවි නිවි පත්තු වු
නිසාවෙන් දුශේන්ගේ හිතේ මොක්දෝ බියක සේයාවක් ඇති විය.නිවි නිවිි තිබු කාමරයේ ඇති විදුලි බුබුල එක හෙල්ලේ නිවී ගියේය. දැන් ඔහු සිටින කාමරය තද අදුරේ ගිලි තිබුනද
තත්පර ගණනක නිහැඩියාත් සමඟ උල ලේනාන්නේ වේදනාත්ම ස්වර දුශේන්ගේ කන් අසලම යැයි ඔහුට
හැගේ. විනාඩි ගණනක් අදුරේ සිටිමට සමත් වුයේ විදුලිය නැවත ස්ථාපිත විමත් නිසාය.
අදුරේ තිබු කාමරය ආලෝකයේ දීප්තිමත් වු සැටිය ඉක්මනින් ජනේල් පියන වසා දැමීමට සමත්
වූූ දුශේන් ඉක්මනින් විසිත්ත කාමරය වෙත ගියේ පිටුපස නොබලාය.මොක්ද ? දුශේන් සද්දේ...
එවිට තිගැස්සු දුශේන් ගලනිට පිළිතුරු දුන්න් මඳක් නිවුනු ස්වරූපයෙනි. ආාාාා මේ්
ජනෙල් පියන ඇරිලානේ..හුළඟත් සැරයිනේ. එසේ කියමින් දුශේන් කාරය වෙත ගමන්
ඇරඹීය.දෙදෙනාම නිවසේ සියළු විදුලි බුබුළු නිවා දැමමින් නිවස ඉදිරිපස විදුලි බුබුළු
දැල්වීය.නිවස්න් පිට වෙත්ම දොර උළුඅල්ලේ සිටි හුණේකුගේ අසුභ හඬ අවදී වුයේ
එකවරමය.දෙදෙනාම එකවර මුහුණට මුහුණ බලා ගත්තේ තිගැස්මක් සමගිනි.
මතු සම්බන්ධයි .
👍👍
ReplyDelete👍👍
ReplyDeleteසුපිරියක්
ReplyDelete👍❤️❤️
ReplyDelete👍👍Good dr👍😍
DeleteGood dr 👍👍😍
ReplyDelete👌
ReplyDeleteWow....❤️🔥
ReplyDelete❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ReplyDelete👍👍👍👍👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteSuper 😃😃
ReplyDelete👍 නියමයි
ReplyDeleteMaru
ReplyDeleteSuper
ReplyDelete♥️♥️♥️
ReplyDeleteNiyami
ReplyDelete