2 කොටස
නිවසින් පිටත් වු දෙදෙනාම මෝටර් රථය ගොඩ වුයේ කතා බහක් නොමැතිවය. මදක් දුර ගමන් ඇරබුවත් එක් අයෙක්වත් කතාබහ කිරිමට සමත් නොවීය. තවමත් වර්ෂාව නොනවත්වාම ඇද ඇලෙමින් තිබුණි. නිසල අහසේ එක වරම අකුණක් ගසන්නා සේ දුශෙන් ශලනි වෙත හිස හරවමින් කතාව අරඹහන්නට විය. ශලනි ! සුදු දුව නිදිද ? ඔව් දුශෙන් දුවට ගෙදරින් එනකොටමයි නින්ද ගියේ. එක තමා සද්දයක්වත් නැත්තේ... එසේ පැවසීමෙන් පසුව ගෙවුනු සැම තප්පරයක්ම නිහඩ බවින් ගෙවියන්නට විය. ආලෝකවත් ම මාo වතක් දිගේ ගමන් කරමින් මෝටර් රථය සුවපහසු ලෙස ඉදිරියට ඇදි යන්නට විය. පුළුල් මාවතක් වූ අතර කඩතොලු වලින් රහිත දීප්තිමත් ආලෝක රැහැන් වලින් මුළු මාවතම ආලෝකවත් වී තිබුණි. පැයකට ආසන්න කාලයක් මෝටර් රථය ඉදිරියට ගමන් කරමින් තිබුණු අතර ඉන් පසුව තරමක් පටු මාවතකට සේන්දු විය. පටු මාවතේ ගමන ආරම්භ විම සනිටුහන් කිරිම සිදු වුයේ එක වරම මාවත ආරම්භ තිබු වළක ට මෝටර් රථය දැමීමෙන් ඇති වු ක්ෂණික ගට්ටනය නිසා නිදා සිටි ශලනි අවදි වුයේ මොකද වුනේ දුශේන් යන හඬ අවදි කරමිනි.නිසල බව එක හෙල්ලේ බිඳ දමන්නට ශලනිට හැකි විය. බලන්නකෝ පාරේ හැරියට වළවල් කියමින් දුශේන් රිය පැදවන්නට විය. මාමාගේ නිවසට යන මාර්ගය පටු මාවතක් වු අතර පාර පුරා වළවල් වැස්ස නිසාවෙන් වතුරින් පිරිි ඉතිරි තිබුණි.පාර දෙපස මානා පදුරු වලින් වැසී තිබුණි. ඒ මානා පදුරු කොතෙක් දුරට ඝනව වැඩි ඇත්ද යන්න තේරුම් ගත හැක්කේ මාර්ගයේ ගමන් කරන මෝටර් රථය පවා නොපෙනේන යන තරමටය. පෙනෙන තේක් මානයක ආලෝකයක් පවා දක්නට නොබීය. එපමණක් නොව පාර දෙපස අවාරෙට ඇති අඹ මෙන් යොදුන්ග ණනකට එක් නිවසක් පිහිටා තිබුණි . රුස්ස ගස් වලින් යුක්ත යොදුන් ගානක ඉඩම් බොහෝමයක් එහි විය. මේ පාළු මාවත දිගේ මෝටර් රථය ඉදිරියටම ඇදි ගියේය. නිමක් නොමැති මඟක් මෙන් ඒක් ආකාරයක පාළු නිහඬ නිසොල් මන් පරිසරයක පැය ගණන් වැය කරන බව හැගෙන්නේ දිගින් දිගටම එක සමාන පරිසරයක් දක්නට ලැබේන නිසාවෙනි . ඒ කුතුහලය නිසාවෙන් ශලනි විපරම් කරමින් පිටත බලන්නට යොමු වුවත් ගණ අඳුරක් පමණක් ඇයට දක්නට ලැබීය. ඒ පාළු බව තව තවත් බිය මුසපත් කිරිිිිමට සමත් වුයේ රැ සතුන්ගේ අදෝනාත්මක ශබ්ද රටා නිසාවෙනි. දුශේන් ! මේ අපි යන පාර හරිද ? අනේ මංදා ශලනි අවුරුදු ගණකින් තමා මාත් මේ යන්නේ එත් එදාට වඩා අද නුපුරුදු බවක් නම් හැගෙන්නේ නෑ . එසේ කියමින් දුශේන් පිළිතුරු දුන්නේ මාර්ගය නිවැරදි බව වටහා දෙමිනි.එසේ ම ඔහු එය සඳහන් කිරිමෙන් පෙනී යන්නේ එදා මෙදා තුරු මේ ගම්මානය දියුණුවක් නොලබා ඇති බව පෙන්වමිනි. නැවතත් නිහඬ බවක් ගෙන දෙන්නට සමත් වුයේ ශලනිගේන් ප්‍රති පිළිතුරක් නොමැති නිසාවෙනි. මෝටර් රිය තව තවත් ඉදිරියට ඇදෙමින් තිබුණි. ක්ෂණි තිරිංගය ක්‍රියාත්මක කිරිම නිසා රිය එකවරම නතර විය. නිදි කිරා වැටෙමිනි සිටි ශලනි ක්ෂණිකයේන් අවදි වුයේ දුශේන් නොසිතු නිමේෂයක තිරිංගය ක්‍රියාත්මක කිරිමෙනි. ඒ නිසා ශලනි උමතුවට පත් වී දුශේන් වෙත නෙත් යොමු කළේ ද්වේශ සහගත බැල්මකිනි. මොකද දුශේන් වෙලා තියෙන්නේ එසේ ඇය තිව්‍රර ස්වරයෙන් ශලනි කෑගැසුවත් නිසොල්මන්ව ඉදිරිය දෙස ඇස් පිය නොහේලා බලා සිටියේ අවතාරයක් දැක්කාක් මෙනිය. ශලනි දුශේන්ගේ උරහිස මතට තට්ටු කිහිපයක් දැමුවත් කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වු නිසා ශලනි වේගයෙන් දුශේන්ගගේ උරහිසට පහර දෙන්නට විය. එවර දුශේන් ශලනි වෙත බැලුවේ බියට පත් වු නොදරුවෙකු ලෙසිනි. ( ත්ත්පර ගණනක නිහඬියාවකින් පසුව ) වෙව්ලන ස්වරයෙන් ශලනි ආමන්ත්‍රණය කරන්නට දුශේන් සමත් විය. ශලනි... ශලනි.... ඇයි ? දුශේන් ඇයි ? මොකද වුනේ ඔයාට ඇයි මේ ඔයා බය වෙලා වගේ ඉන්නේ .. නැහැ .. නැහැ ශලනි එක පාරටම කවුද කෙනෙක් මාන පදුරු අස්සේ ඉඳලා කාරේකට පැන්නා එකයි . එසේ කියමින් දුශේන් ඉදිරිය දෙස බැලිමත් සමඟම ශලනිද එකවරම ඒ දෙස බැලිමට සමත් විය. දෙදෙනාම ඉදිරිය බලා සිටිද්දී එකවරම කාරයේ ඇති ඉදිරිපෙළ ආලෝකය නිවි ගියේ ගණ අන්ධකාරය ගෙන දෙමිනි . ගණ අඳුර වුවත් යම් ආකාරයක මිනිස් චායාවකට සමාන වුත් එහෙත් සත්ව චායාක්ද එහි දක්නට ලැබුනේ අදුරේ කාරය ඉදිරිපසින් ගමන් කරන අයුරු ය. දෙදෙනාම ගොළු වුවක් මෙන් ව්ස්මයට පත් වුයේ අතර කර කියා ගන්නට නොහැකි වු විටදීය... කෙමෙන් කෙසෙන් කාරය සමීපයට ලං වෙත්ම ආලෝකය නැවත ස්ථාපිත විය.
මතු සම්බන්ධයි.