Pages

Saturday, January 7, 2023

අඳුරු වු පුවත්පත් අනාගතය


කොවිඩ් යුගයෙන් පසු සෑම රටක්ම ආර්ථිකය බිඳ වැටීමට ලක් විය. වසර දෙකකට වැඩි අධික  කාලයක් ආයනික අපනයනික වෙළඳාමක් සිදු නොවීය. මේ නිසාවෙන් ලංකාවේ ආර්ථිකය බිඳ වැටීය. එමගින් රටේ පැවැත්ම අස්ථිරත්වයට පත් විය. ලාංකියන්ගේ ජීවත් වීමේ අරගලය දිනෙන් දින උග්‍ර විය.රටේ ආර්ථික පරිහානියත් දේශපාලනයේ ඇති ව්‍යාකූලත්වයත් ලංකාවේ පැවැත්ම දැඩිව අස්ථිරත්වයට පත් කිරීමට සමත් වුහ. රටේ ආර්ථික පහුබෑමත් සමඟම රටේ මාධ්‍ය කලාවද අර්බුදයකට පත්ව ඇත. විශේෂයෙන් මේ තත්වය පුවත්පතේ පැවැත්ම සඳහා දැඩිව බලපෑමක් ඇති කර ඇත.

කඩදාසි වල පැවැත්ම මත පුවත්පතේ පැවැත්ම රඳාපවතින බව අපි දනිමු. යුක්‍රේන අර්බුදය නිසා කඩදාසී හිඟ වීමක් මෙන් පවතින්නා කඩදාසින් වල මිල ඉහළ යාමත් සිදු වී ඇත. කඩදාසි වල මිල ඉහළ යාම පුවත්පත් කලාව පැවැත්මට තර්ජනයකට ලක් ව ඇත. එමෙන්ම කඩදාසීන් වල මිල ඉහළ යාම තවත් සාධයන් රැසක් බලපෑ ඇත. ඒවානම් , කඩදාසි නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතා , සේවක ගැටලු සැපයුම් ජාලයේ අවුකාරී පසුබිම ආදියන් පෙන්වා දිය හැකිය. කඩදාසි මිල ඉහළ යාම නිසා පුවත්පතෙහි නිෂ්පාදන මිල සීඝ්‍රයෙන් ඉහළ දමා ඇත. කඩදාසී සීමිත වීම නිසා ඇතැම් පුවත්පත් ආයතනයන් ක`ඵ කඩ හරහා කඩදාසී ලබා ගැනීමද සිදු කරනු ඇත. කඩදාසීන් වල නියම ප්‍රමිතියෙන් දුරස්ව විකල්ප ක්‍රමයක් ලෙස බාල කඩදාසි පුවත්පත් සඳහා යොදා ගැනීමට ආයතනයන් යොමුව ද ඇත. මෙමගින් තව තවත් පුවත්පත් පරීශිලනය කරන පාඨකයන් ප්‍රමාණය අවම වීමක් සිදු වී ඇත.

කඩදාසි මිල ඉහළ යාම  නිසා පුවත්පත් අන්තර්ගත පිටු ප්‍රමාණය සීමිත කිරීමට පුවත්පත් ආයතනය විසින් තීරණය ගෙන ඇත. විශේෂයෙන් අතීරේක පුවත්පත් ඇතුළත් කිරීම අවම කිරීමට යොමුව ඇත්තේ මේ නිසාවෙනි. එහිදි ඇතැම් දිනපතා පුවත් පත් අවම වශයෙන් පිටු 12 වීය. එමෙන්ම සති අන්ත පුවත්පත් වල අතිරේක ප්‍රමාණය අඩු කිරීම සිදු කර ඇත. ඉරිදා ලංකාදිප පුවත්පතේ අතීරේක ප්‍රමාණය අඩු කිරිම තිබිම පෙන්වා දිය හැකිය. එමෙන්ම පුවත්පතේ නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා පුවත්පතේ  මිල ගණන් වැඩි කිරීමක් සිදු කර ඇත. දිනපත් පුවත්පක පෙර පැවති මිල රුපියල් 30 කි. පසුව රුපියල් 50 මිලකට අලෙවි කිරීමක් සිදු කෙරේ. සති අන්තපුවත්පත රුපියල් 90 සිට 150 ක් දක්වා මිල වැඩි වීමක් සිදු වී ඇත.  පුවත්පතේ මිල ඉහළ යාමත් ,  පිටු ප්‍රමාණය අවම පාඨක අවධානය අහිමිව යාමට හේතු වී ඇත. මන්ද අතීතයේ දී තොරතුරු දැකීමේ අවශ්‍යතාවය නිසා ඉතා සු`ඵ මුදලක් ගෙවා පුවත්පතක් මිල දී ගැනීමේ අවස්ථාවක් පාඨකයන්ට තිබුණි. එමෙන්ම සැලකිය යුතු ප්‍රමාණයකින් යුක්ත ප්‍රකාශනයක් නිසා පුවත්පත මිල දී ගන්නට ඔවුන් පුරුදු වී සිටියහ. දිනපතා පුවත් පත ප්‍රවෘත්තිමය ගුණාත්මක බවින් තිබුණ ද සති අන්ත පුවත්පත විශේෂාංගන්ට දැඩි අවකාශයක් හිමි වීමත් අති අන්ත පුවත්පත් අලෙවියේ ප්‍රවර්ධනයක් දිනපතා වඩා අති අන්ත පුවත්පතට හිමි විය. මේ තත්ත්වය අද වෙන වෙනස් වී ඇත. පුවත්පතේ පිටු ප්‍රමාණ අවම වුවත් මිළ ඉහළ ගොස් ඇති නිසා පාඨයන් පුවත්පත මිල  ගැනීමට මැලිකමක් දක්වති. වැඩි මුදලක් වැය කරමින් පුවත්පතක් මිල දී ගත්තද තොරතුරු දැන ගැනීමට තරම් තොරතුරු ප්‍රමාණයක් පුවත්පතේ නොමැති වීම හේතුවෙන් මිල දී ගැනීම වෙනුවට ඔවුන් ෑ පුවත්පත නැරඹිට සිදු කරයි. අදවන විට පුවත්පත් අලෙවිය පහළ බැසීමක් සිදු වී ඇත්තේ මේ හේතුවෙනි. එමෙන්ම පුවත්පතේ ගුණාත්ම බව අඩු වී තිබීමත් , මුල් පිටුවේ ආකර්ශණය අඩු වීමත් පුවත්පතේ අලෙවිය පහළ වැටී ඇත. අතීතයේ දී සතියතකට පුවත්පත් ලක්ෂ 12- 14 ප්‍රමාණයක් අලෙවි වු අතර වර්තමානයේ ඒ තත්වය ලක්ෂ 6.75 පහත වැටීමක් සිදු වී ඇත.

එපමණක් නොව පුවත්පතේ අන්තර්ගතයෙහි පවතියාවු අවකාශය සීමිත වීම නිසා පුවත්පත් කලාවේදීන්හු දැඩි දුෂ්කරතාවයකට පත් ව ඇති බවක් පෙනෙන්ට ඇත. පුවත්පත් කලාවේදීන්ගේ රැකියා අස්ථීරත්වයට පත් වී සඳහා වර්තමානයේ පුවත්පතේ තත්ත්වය හේතුවේ. ඒ අතරින් ප්‍රාදේශිය වාර්තාකරුවන්ගේ රැකියාවේ බිඳ වැටීම සිදු වේ. එය කෙසේද යත් පුවත්පත තුළ ඇති සීමිත අවකාශය නිසා ජනතා වැඩි අවධානයක් පමණක් දිනා ගත් පුවතක් පමණක් පුවත්පතේ පළ කිරීම සිදු කරන නිසාවෙනි.  ජීවත් වීමට මාසකට සරිලන මුදලවත් ප්‍රදේශිය වාර්තාකරුවෙකුට නොලැබී යාම නිසා පුවත්පත් කාලාවෙන් ඈත්ව වෙනස් අංශයන් කරා යාමේ අවකාශය වැඩි ව ඇති නිසාවෙනි. පුවත්පතේ පිටු ප්‍රමාණය අවම වීමෙන් ලිපි පළ වීමේ අවකාශය අඩු වීම සිදුවේ. මේ තත්තවය නිසා පුවත්පත් කලාවේ සිටින්නාවු මහා ප්‍රඥාවන්තයින් අනිකුත් මාධ්‍යන් කරා යොමු වීමට පෙළඹේ. එමනිසා පුවත්පත් කලාවට සිදු වන්නේ විශාල පාඩුවකි. අත්දැකීමු බහුල , පළපුරුදු ඇත්තෝ පුවත්පත් කලාවෙන් නික්වෙද් ම පුවත්පතේ ගුණාත්මකභාවය පිරිහෙන්නට පටන් ගනි. නිවැරදි මඟ පෙන්වීමක් නොමැතිව ගමන් අරඹුහොත් නොබො දිනක් යත්ම පුවත්පත් ඇසට දකින්ටවත් නොලැබී යනු ඇත. 

මේ පමණක් නොව පුවත්පතේ පිටු සඛ්‍යාව සීමිත වීමෙන් පුවත්පත් වලට හිමිවන්නාවු වෙළඳ දැන්වීම් ප්‍රමාණය ද අහිමිව යනු ඇත. පුවත්පතක නිෂ්පාදන පිරිවැය 20% ප්‍රමාණයක් අලෙවියෙන් ලැබෙන අතරමට ඉතිරි 80% ප්‍රමාණය වෙළඳ දැන්වීමෙන් ලැබෙන ආදායමෙන් පුවත්පත ප්‍රකාශනයට පත් කරනු ඇත. පාඨක අවධානය ගිලියත්ම පුවත්පතට ලැබෙන්නාවු වෙළඳ දැන්වීම් අඩු වීමක් වර්තමානය වන විට දක්නට ලැබේ. මෙමගින් පුවත්පතේ පැවැත්මට බාධාකාරී බවක් ඇති නිසාම ඇතැම් පත්තර ආයතනයන් අද වන විට වසා දැමිමට කටයුතු කර ඇත. අද වන විට පාඨක රුචිකත්වය වයස අවු 45 - 65 වු අතර වයස අවු 18- 25 දක්වා වයස් පරතර පාඨකත්ව අඩුක් පැවති බැවිනි. ඇත්තටම තරුණ පරපුරද පුවත්පතේන් ගිලිලා ද යන්න ප්‍රශ්නක් ඇති වුත් තවමත් පුවත්පත කෙරෙහි අවධානයන් ඔවුන් සතු ව ඇත. නව මාධ්‍ය සාපේක්ෂව සක්‍රිය දායයත්වයක් නොලැබෙන බව විශ්වාසය. නමුත් පුවත්පත යම් අවශ්‍යතාවක් සඳහා කියවීමට සිදු වුවහොත් තවමත් ඔවුන් භෞතික පුවත්පත කියවීමට යොමු වනු ඇත. ඒ මන්ද අදටත් ලංකාවේ අධ්‍යාපන ව්‍යුහය පෙළ පොත මුලික කරගෙන සම්පාදනය වී ඇති හේතුවෙනි. වෙඩ් අවකාශයේ පුවත්පත කියවීම වෙනුවට පත්තර ලෑල්ලේ ඇති පත්තරය කියවීමට තවමත් ලාංකීයන් පුරුදුව ඇත.

කවර හෝ දිනක ලෝකයේ පුවත්පත් කලාව ශේෂ වුවත් ලාංකීය සමාජය තුළ පුවත්පත ශේෂ වීමට කලක් ගත වන බව අප දන්නාවු කරුණකි. ශ්‍රි ලංකාව කුඩා රටක් වුවත් අවසාන වශයෙන් පුවත්පත් කලාවේ අවසාන පුරුක මේ මව් රට වන බව නියතය. මන්ද ලාංකීය පාඨක සමාජය කුඩා බැවින් කුඩා පාඨක සමාජයක් හසුරුවමින් දියුණු පත්තර කලාවත් පවත්වා ගැනීමට තවමත් වරම් ඇති බව පෙන්වා දිය යුතුය.

තමාෂා සෙව්වන්දි
විශේෂවේදි ගෞවරව දෙවන වසර
ජන සන්නිවේදන අධ්‍යනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය


Saturday, July 2, 2022

මළගම දා හමුවු අමුතු සත්ත්වයා ( 03 කොටස )


03 කොටස ( අවසාන කොටස )



    අලෝකය නැවත ක්‍රියාත්ම  විමත් සමගම දෙදෙනාගේම මුහුනේ තිබු බියේ සේයාව පහව යන්නට විය . නැවත රිය පණ ගැන්විම කරමින් දුශේන් ඉදිරියට ගමන් කළාය. ශලනියට සිදුවු සිද්ධියේ අදහා ගැනිමට නොහැකි නිසාම ඇය කිසිවක් කිමට නොකියාම සිටියේය. මද වේලාවකට පසුව දුශේන් කතාවට මුල පුරන්නට සමත් විය. 

 ශලනි ඔයා නිදින ළමයෝ . ?  ඇය තිගැස්සෙමින් දුශේන් වෙත හැරිමින් 

අනේ නැහැ දුශේන්. 

මම මේ ..... මම මේ...... කල්පනා කර කර හිටියේ අපි යන කෝට කිය වේයිද කියලා. 

    අගේ ඇග හැගෙන්නට පටන් ගත් නමුදු වෙනත් කතාවකට මුල පිරිමට ඇය සමත් වුයේ දුශේන් බියට පත් වේවි යැයි බියෙනි. ඉන් අනතුරුව දුශේන් කතාව කිමට මුල මුරන්නට විය. 

ශලනි මම මේ ගැන ඔයාගේ අහන්න හිටියේ ? 

මොකක්ද දුශේන් ඒ ? 

ශලනි ඔයාත් දැක්කද  අර වේලාවේ ! 

මොකක් ද දුශේන්  අර වේලාවේ කියන්නේ . මොන වේලාවද ?

 අනේ ළමයෝ කාර් එක ඉස්සරහට කවුද කෙනෙක් පැන්න වේලාවේ

 . ඔයා ඒක දැක්කද ? 

ඒ වචන ඇසු සැනින් ශලනිට හීන් දාඩිය දමන්නට විය. 

අනේ ඕව් දුශේන් මම ඒ කෙනාව දැක්කා . 

    දුශේන් ශලනි වෙත නෙත් යොමු කරන්නට සමත් වේත්ම දුශේන්ගේ ඇස හමු වුයේ ශලනි සිටින දෙසින් ජායාවක් මතු විය .  මුහුණ කොන්ඩයේන් ආවරණය කර ගත් කාන්තාවගේ ජායාවක් ටිකේන් ටික ජනේල් විදුරුව අසලට පැමිණේන්නට විය. සුදු ගවුමකින් සැරසි සිටි අතර ඒ ගවුම මත තැනින් තැන රුධිරය වැගිරි තිබුණි . ශරිරය පුරාම තුවාල තිබු අතර විකේන් ටික සුමිව වන්නට වෙත්ම දුශේන් සුදු මැලි වන්නට විය . කිසිවක් කර කියා ගැනිමට නොහැකිව දුශේන් කාරය නවතන්නට විය. 

දුශේන් ....... දු‍ශේන් ......... දුශේන් ......... 

මොකක්ද අනේ ඔයාට වෙලා තියෙන්නේ ... ඇහෙනවද ළමයෝ මාව .

     ශලනි දුශේන්ගේ උරහිසින් සොරවමින් කතා කරන්නට විය . එහෙත් දුශේන් කිසිවක් කියා ගත නොහැකිව බලා සිටියේ ශලනිගේත් හද හැස්ම වැඩි කරමිනි. ශලනි එක වරම දුශේන්ගේ දැස් යොමු වි ඇති දෙස බලාන්නට මත්ම ඇයට සිතාගත නොහැකි දර්ශනයක් දක්කට ලැබුනේ ඇගේ කටහඩත් ගොලු කරමින් . 

    මුලු පරිසරටම භයන්කාර  මුසල ගතියක් ගන්නමින් තිබුනු අතර ශපනිගේ දෑත යොමු වුයේ වියරුවෙන් මෙන් සිටින කාන්තා රුව දෙසටය. ඇහි පිය ගහන සැනින් කාරය අසල පැමිනි අතරම එක පාරටම ඉදිරි ග්ලාස් එන මතට රුධිරය තැවරුණු අත ලබන්නට විය. ඒ සමගම පොළොව කරා යන්නාක් මෙන් සුළගක් හමන්නට විය.

    ඒ ශ්නයේන් අම්මේ...... අම්මේ ......... කියමින් පුංචි දු අඩන්නට විය. විශ්මයෙන් මිදෙමින් .... කාරයේ පිටුපස දෙස බැරි බැලුනි.  සිදු වු දේ ගැන සිතා ගත නොහැකිව ශලනි දරුවාව වඩා ගෙන නිදි කරන්නට විය. දුශේන් නැවති තිබු රිය නැවත පණ ගන්වමින් ඉදිරියට ගමන් කරන්න විය.

සමාප්තයි    



Wednesday, October 27, 2021

මළගමදා හමුවු අත්භුත සත්වයා ( 2 කොටස )




 2 කොටස 

නිවසින් පිටත් වු දෙදෙනාම මෝටර් රථය ගොඩ වුයේ කතා බහක් නොමැතිවය. මදක් දුර ගමන් ඇරබුවත් එක් අයෙක්වත් කතාබහ කිරිමට සමත් නොවීය. තවමත් වර්ෂාව නොනවත්වාම ඇද ඇලෙමින් තිබුණි. නිසල අහසේ එක වරම අකුණක් ගසන්නා සේ දුශෙන් ශලනි වෙත හිස හරවමින් කතාව අරඹහන්නට විය. ශලනි ! සුදු දුව නිදිද ?  ඔව් දුශෙන් දුවට ගෙදරින් එනකොටමයි නින්ද ගියේ. එක තමා සද්දයක්වත් නැත්තේ... එසේ පැවසීමෙන් පසුව ගෙවුනු සැම තප්පරයක්ම නිහඩ බවින් ගෙවියන්නට විය. ආලෝකවත් ම මාo වතක් දිගේ ගමන් කරමින් මෝටර් රථය සුවපහසු ලෙස ඉදිරියට ඇදි යන්නට විය. පුළුල් මාවතක් වූ අතර කඩතොලු වලින් රහිත  දීප්තිමත් ආලෝක රැහැන් වලින් මුළු මාවතම ආලෝකවත් වී තිබුණි. පැයකට ආසන්න කාලයක් මෝටර් රථය ඉදිරියට ගමන් කරමින් තිබුණු අතර ඉන් පසුව තරමක් පටු මාවතකට සේන්දු විය. පටු මාවතේ ගමන ආරම්භ විම සනිටුහන් කිරිම සිදු වුයේ එක වරම මාවත ආරම්භ තිබු වළක ට මෝටර් රථය දැමීමෙන් ඇති වු ක්ෂණික ගට්ටනය නිසා නිදා සිටි ශලනි අවදි වුයේ මොකද වුනේ දුශේන් යන හඬ අවදි කරමිනි.නිසල බව එක හෙල්ලේ බිඳ දමන්නට ශලනිට හැකි විය. බලන්නකෝ පාරේ හැරියට වළවල් කියමින් දුශේන් රිය පැදවන්නට විය. මාමාගේ නිවසට යන මාර්ගය පටු මාවතක් වු අතර පාර පුරා වළවල්  වැස්ස නිසාවෙන් වතුරින් පිරිි ඉතිරි තිබුණි.පාර දෙපස මානා  පදුරු වලින් වැසී තිබුණි. ඒ මානා පදුරු කොතෙක් දුරට ඝනව වැඩි ඇත්ද යන්න තේරුම් ගත හැක්කේ මාර්ගයේ ගමන් කරන මෝටර් රථය පවා නොපෙනේන යන තරමටය. පෙනෙන තේක් මානයක ආලෝකයක් පවා දක්නට නොබීය. එපමණක් නොව පාර දෙපස අවාරෙට ඇති අඹ මෙන් යොදුන්ග ණනකට එක් නිවසක් පිහිටා තිබුණි . රුස්ස ගස් වලින් යුක්ත යොදුන් ගානක ඉඩම් බොහෝමයක් එහි විය. මේ පාළු මාවත දිගේ මෝටර් රථය ඉදිරියටම ඇදි ගියේය. නිමක් නොමැති මඟක් මෙන් ඒක්  ආකාරයක පාළු නිහඬ නිසොල් මන් පරිසරයක  පැය ගණන් වැය කරන බව හැගෙන්නේ දිගින් දිගටම එක සමාන පරිසරයක් දක්නට ලැබේන නිසාවෙනි . ඒ කුතුහලය නිසාවෙන් ශලනි විපරම් කරමින් පිටත බලන්නට යොමු වුවත් ගණ අඳුරක් පමණක් ඇයට දක්නට ලැබීය. ඒ පාළු බව තව තවත් බිය මුසපත් කිරිිිිමට සමත් වුයේ රැ සතුන්ගේ අදෝනාත්මක ශබ්ද රටා නිසාවෙනි. දුශේන්  ! මේ අපි යන පාර හරිද ? අනේ මංදා ශලනි අවුරුදු ගණකින් තමා මාත් මේ යන්නේ එත් එදාට වඩා අද නුපුරුදු බවක් නම් හැගෙන්නේ නෑ . එසේ කියමින් දුශේන් පිළිතුරු දුන්නේ මාර්ගය නිවැරදි බව වටහා දෙමිනි.එසේ ම ඔහු එය සඳහන් කිරිමෙන් පෙනී යන්නේ එදා මෙදා තුරු   මේ ගම්මානය දියුණුවක් නොලබා ඇති බව පෙන්වමිනි. නැවතත් නිහඬ බවක් ගෙන දෙන්නට සමත් වුයේ ශලනිගේන් ප්‍රති පිළිතුරක් නොමැති නිසාවෙනි. මෝටර් රිය තව තවත් ඉදිරියට ඇදෙමින් තිබුණි. ක්ෂණි තිරිංගය ක්‍රියාත්මක කිරිම නිසා රිය එකවරම නතර විය. නිදි කිරා වැටෙමිනි සිටි ශලනි ක්ෂණිකයේන් අවදි වුයේ දුශේන් නොසිතු නිමේෂයක තිරිංගය ක්‍රියාත්මක කිරිමෙනි. ඒ නිසා ශලනි උමතුවට පත් වී දුශේන් වෙත නෙත් යොමු කළේ ද්වේශ සහගත බැල්මකිනි.  මොකද දුශේන් වෙලා තියෙන්නේ එසේ ඇය තිව්‍රර ස්වරයෙන් ශලනි කෑගැසුවත් නිසොල්මන්ව ඉදිරිය දෙස ඇස් පිය නොහේලා  බලා සිටියේ අවතාරයක් දැක්කාක් මෙනිය. ශලනි දුශේන්ගේ  උරහිස මතට තට්ටු කිහිපයක් දැමුවත් කිසිදු ප්‍රතිචාරයක්  නොදැක් වු නිසා ශලනි වේගයෙන් දුශේන්ගගේ උරහිසට පහර දෙන්නට විය.  එවර දුශේන් ශලනි වෙත බැලුවේ බියට පත් වු නොදරුවෙකු ලෙසිනි.  (  ත්ත්පර ගණනක නිහඬියාවකින් පසුව ) වෙව්ලන ස්වරයෙන් ශලනි ආමන්ත්‍රණය කරන්නට දු⁣ශේන් සමත්  විය.  ශලනි... ශලනි.... ඇයි ?  දුශේන් ඇයි ? මොකද වුනේ ඔයාට ඇයි මේ ඔයා බය වෙලා වගේ ඉන්නේ .. නැහැ .. නැහැ ශලනි   එක පාරටම කවුද කෙනෙක් මාන පදුරු අස්සේ ඉඳලා කාරේකට පැන්නා එකයි . එසේ කියමින් දුශේන් ඉදිරිය දෙස බැලිමත් සමඟම ශලනිද එකවරම  ඒ දෙස බැලිමට සමත් විය. දෙදෙනාම ඉදිරිය බලා සිටිද්දී එකවරම කාරයේ ඇති ඉදිරිපෙළ ආලෝකය නිවි ගියේ ගණ අන්ධකාරය ගෙන දෙමිනි . ගණ අඳුර වුවත් යම් ආකාරයක මිනිස් චායාවකට සමාන වුත් එහෙත් සත්ව චායාක්ද එහි දක්නට ලැබුනේ අදුරේ කාරය ඉදිරිපසින් ගමන් කරන අයුරු ය. දෙදෙනාම ගොළු වුවක් මෙන් ව්ස්මයට පත් වුයේ අතර කර කියා ගන්නට නොහැකි වු විටදීය... කෙමෙන් කෙසෙන් කාරය සමීපයට ලං වෙත්ම ආලෝකය නැවත ස්ථාපිත විය. 

මතු සම්බන්ධයි.

Monday, October 18, 2021

මළගමදා හමුවු අත්භුත සත්වයා

 

1 කොටස 

 නොන්වත්වා මහා වරුසාවක් ඇද හැලෙමින් මුලු දවසම විඩාබර බවක් ගෙන දෙන්නට සමත් වු අතරම ගිගුම් දෙන වරුසව මැද්දෙන් සිය කාර් රථය සිය මාමාගේ නිවස බලා යමින් සිටි දුශෙන් එක වරම තිරින්ගය පෑගුවෙ ක්ෂණිකනි.තම බිරිද හා දරුවා සමග මාමාගෙ මළගෙදරට සහභාගි විම සදහා පානදුර පිහිටි තම නිවසින් පිට වුයේ රැකියාවේන් ඉවත් වී නිවසට පැමිණ පැය තුනකට පසුවය. ඔහු නිවසට ළගා වෙත්ම ඔහුගෙ බිරිද තම කුඩා දියණිය සුරතේ නිදිකරවමින් වරක් දෙවරක් ඔරලොසු මුහණ දෙස බැලුවේ තම සැමියගෙ ප්‍රමාදය ගැන සිහිපත් කිරිමක් ලෙසය. දුශෙන් , අද ඔය ගොඩක් පරක්කුයි.අදවත් බැරිවුනද ? කලින් ගෙදර එන්න .මේ දවස් වල ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා..අනික දන්නවනේ මගේ කම්පැණියක නෙමේ මම වැඩ කරන්නේ කියල.. දුශෙන් එසේ කියමින් සිය බෑගය පුටුව මත තබා ටයි ගැටය බුරුල් කරමින් කාමරය වෙත පිවිසුණි. ඒ සමගම ශලනි සිය දරුවා ඇදමත තැබීම සදහා දුශෙන් පසුපස ගමන් කරන්නට විය.{ස්වල්ප මොහොතකට පසුව}ශලනි කාමරයෙන් පිට වුයේ ගමන සදහා සකස් කර තිබු බඩු ආදිය රුගෙනය.ශලනි !....කෝ මගේ ඇදුම් ටික.ඔය තියෙන්නෙ පුටුව උඩ දලා..ඇය එසේ කියමින් ගමන් මළු සාලයේ ඇති සෝපාව මත තබා රාත්‍රි ආහාර පිළියෙල කිරීමට මුළුතැන්ගෙට ගිය අතරම දුශේන් ඇදුම් ඇද කෑම මේසය මත වාඩි විය. ශලනි ඉක්මන් කරන්න උදේ වෙන්න කලින් අපි යන්නත් ඕනිනේ.... මේ වැස්ස නිසා වාහනේ හයියේන් එලවන්න බෑහැ කියලා දන්නවනේ...එක තමයි මනුස්සයෝ කිවේ අදවත් වාරුවෙන් එන්න කියලා.එසේ නොක්කාඩු ස්වරූපයේන් මේසය මත ඉදිආප්ප පිඟාන හා කුකුල් මස් ව්‍යාංජනය ද ගෙන අවේය.මේසය මත ඇති ඉදි ආප්ප හා කුකුල් මස් ව්‍යංජන තම පිඟානට බෙදා ගත් දුශේන් ශලනි වෙත නෙත් යොමු කරන්නට විය.ශලනි!!!! ඔයා කැවද ? නැහැ තාම. එන්න එහෙනම් දෙන්නම එකට කමු.දෙදෙනාම මේසය මත වාඩි වී ආහාර ගන්නට විය ඔවුනට ආහාර ගැනිම සඳහා ගත වුයේ විනාඩි 20 ක් පමණි. මේ වන විටත් වැහින මහා වරුසා නොනවත්වාම ඇඳ හැලෙමින් තිබුණි.ශලනි එක වරම කතාව ඇරඹන්නට සමත් විය.දුශේන් අදනම් මහා මුස්පේනතු දවසක් ! මගේ හිතට මොකක්දෝ අමුතු ගති⁣න් දැනේනවා ...ළමයෝ පෙන්නේ නැද්ද හොඳටම වහිනවනේ එක නිසා තමයි ඔහෝම හිතේන්නේ.. පිස්සු නැතුව ඉක්මනට ලෑස්ති වෙන්න දැනටමත් පරක්කුයි.එසේ කියමින් දුශේන් ඔරලෝසුව දෙස බැලීය.ඔරලෝසු මුහුනතේ වේලාව සඳහන්ව තිබුනේ 10 පසුවී විනාඩි 20 ලෙසිනි. ශලනි තම දියණිය රැගෙන නැවත විසිත්ත කාමරය වෙත පිවිසුනු අතර දුශේන් දොර ජනේල වසා ඇද්ද යන්න නැවත නැවත පරීක්ෂා කරමින් සිටියේය.නිවසින් බැහැර වෙත්ම අමුතුු ශබ්දයක් කාමරය දෙසින් නැගුණිි. සියල්ලෝම එකවර තිහැස්සිණි.දඩස්° දඩස් °කලබලයට පත් ඔවුන් දෙදෙනාම වටපිට බලන්නට විය. ශබ්දය ඇසෙනවත් සමගම දුශෙන් ශලනි වෙත දිව ආවේ බිරිදට හා දරුවාට කරදරයක් ඇද්දැ‍යි බැලිමටය.ශලනි මොකක්ද එ සද්දෙ....අනේ මන්දා දුශෙන් අපෙ කාමරය පැත්තේන් ආවේ. ඉන්න එහෙමනම් මම ගිහිිිින් බලන්නම්.එසේ කියමින් දුශේන් කාමරයට පිවිසෙත්ම ඇස් අදහා ගත නොහැකි දෙයක් දුටුවේය. ඔහු විසින්ම දෙවතාවක් පරීක්ෂා කළ ජනේලයේ පියන විවර වී වේගයේන් චලනය වන අයුරු දැක ගත හැකි විය.ඇස් අදහා ගත නොහැකි වුවත් ජනේල් පියන නැවත වසා දැමීම කළ යුතුව වුවත් දුශේන් හදවත එක හෙල්ලේ තදින් පහර දෙන්නට සමත් වුයේ ජනේලයදෙසට ගමන් කිරිමත් සමගමය . ජනේලය අසලට පැමිණෙනවාත් සමඟම තඳ ගණ අඳුරක් දුශේන්ගේ නෙත්ට සම්‍ප්‍රාත්ත වීවත් සමඟම දුශේන් තිගැස්සී ගියේ විදුලිය විසන්ධි විමත් සමඟමය. විදුලි පහන දෙපැත්තට පැද්දෙන අතර නිවි නිවි පත්තු වු නිසාවෙන් දුශේන්ගේ හිතේ මොක්දෝ බියක සේයාවක් ඇති විය.නිවි නිවිි තිබු කාමරයේ ඇති විදුලි බුබුල එක හෙල්ලේ නිවී ගියේය. දැන් ඔහු සිටින කාමරය තද අදුරේ ගිලි තිබුනද තත්පර ගණනක නිහැඩියාත් සමඟ උල ලේනාන්නේ වේදනාත්ම ස්වර දුශේන්ගේ කන් අසලම යැයි ඔහුට හැගේ. විනාඩි ගණනක් අදුරේ සිටිමට සමත් වුයේ විදුලිය නැවත ස්ථාපිත විමත් නිසාය. අදුරේ තිබු කාමරය ආලෝකයේ දීප්තිමත් වු සැටිය ඉක්මනින් ජනේල් පියන වසා දැමීමට සමත් වූූ දුශේන් ඉක්මනින් විසිත්ත කාමරය වෙත ගියේ පිටුපස නොබලාය.මොක්ද ? දුශේන් සද්දේ... එවිට තිගැස්සු දුශේන් ගලනිට පිළිතුරු දුන්න් මඳක් නිවුනු ස්වරූපයෙනි. ආාාාා මේ් ජනෙල් පියන ඇරිලානේ..හුළඟත් සැරයිනේ. එසේ කියමින් දුශේන් ⁣කාරය වෙත ගමන් ඇරඹීය.දෙදෙනාම නිවසේ සියළු විදුලි බුබුළු නිවා දැමමින් නිවස ඉදිරිපස විදුලි බුබුළු දැල්වීය.නිවස්න් පිට වෙත්ම දොර උළුඅල්ලේ සිටි හුණේකුගේ අසුභ හඬ අවදී වුයේ එකවරමය.දෙදෙනාම එකවර මුහුණට මුහුණ බලා ගත්⁣තේ තිගැස්මක් සමගිනි. 

 
                                                                   මතු සම්බන්ධයි .

අඳුරු වු පුවත්පත් අනාගතය

කොවිඩ් යුගයෙන් පසු සෑම රටක්ම ආර්ථිකය බිඳ වැටීමට ලක් විය. වසර දෙකකට වැඩි අධික  කාලයක් ආයනික අපනයනික වෙළඳාමක් සිදු නොවීය. මේ නිසාවෙන් ලංකාවේ ආ...